අති රමණිය වූ සත්කොරලයට අයත් කිනියම කෝරලයේ දැදුරු ඔය මිටියාවතේ තිසොගම ග්‍රාමයේ අප පාසැල පිහිටා ඇත. වර්ෂ 1923 වූ වප් මස එනම් ඔක්තෝම්බර් මස 5 වන දින සිසුන් 12 දෙනෙකු සහිතව ආරඹා කර ඇත. කලාපයේ පැරණිතම විදුහලක් වන මෙහි පළමු විදුහල්පති වුයේ පීටර් සිඤ්ඤො මහත්මා වන අතර ඒ වන විට ගුරු මණ්ඩලය පස් දෙනෙකුගෙන් සමන්විත විය. තවද වර්ෂ 1980 ජනවාරි මස පළමු දින 1C වර්ගයේ මහා විද්‍යාලයක් ලෙස අප පාසැල උසස් කර ඇත. ඒ වන විට විදුහල්පති සමග 18 දෙනෙකුගෙන් යුත් ආචාරය මණ්ඩලය යටතේ අධ්‍යාපනය ලැබූ සිසු පිරිස 340 දෙනෙකු වුවෝය.
U.වීර බාහු විදුහල්පතිතුමාගේ කාලයේදී එනම් 1992 වර්ෂයේදී අප පාසල සිසුන් 517 යුත් සමාන්තර පන්ති සහිත දීප්තිමත් යුගයකට එළඹී තිබුනද ගුරු හිගය හා විවිධ දුෂ්කරතා හේතුවෙන් 2000 වසරේදී ඇතිවුන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස්පෙළ පන්ති ඉවත් කිරීමට සිදු විය. මෙම තත්වය යටතේ වුවද 2006 වසරේදී උසස් පෙළ පන්ති නැවත ආරඹා ඇත. දිනෙන් දින දියුණු වේ අරුනළු දකින අප පාසල මේ වන විට 32 වන විදුහල්පතිවරයා වන විජේවික්‍රම මහතාගේ අදීක්ෂණය යටතේ සිසුන් 500 දෙනෙකු පමණ හට 30 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලය විසින් අධ්‍යාපන ලබා දෙයි.
|
ආරම්භ කළ වර්ෂය |
1923.10.05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
12 |
|
මුල් ගුරුතුමාගේ නම |
පීටර් සිඤ්ඤො |
|
පාසලේ ආදි කතෘගේ නම |
පීටර් සිඤ්ඤො |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කුලි තිසෝගම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එකල ගම්මුලාදෑනි විසින් |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගම්මුගාදෑනි නිවස |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සදහනක් නැත |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
සදහනක් නැත |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
සදහනක් නැත |





